ගගනගාමීන් තිදෙනක් උඩුගුවනට



අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා ලෙස, සෝවියට් ගගනගාමී යූරි ගගාරින් කළ වික්‍රමය සිහි කරමින්, රුසියන් ගගනගාමීහු දෙනෙක් පෘථිවි කක්ෂයේ රදවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොල බලා පිටත්ව ගියහ.

සෝවියට් ගගනගාමියකු ලෙස යූරි ගගාරීන් අභ්‍යවකාශයට ගියේ 1961 වසරේ අප්‍රේල් 12 වැනිදාය. ඒ, මීට වසර 60 කට පෙර අද වැනි දිනකය. අද එනම් (12) ‘ජාත්‍යන්තර මානව අජටාකාශ දිනය‘ ලෙසින් ද නම් කර තිබේ.

කසක්ස්තානයේ බයිකනුර් අභ්‍යවකාහ මධ්‍යස්ථානයේ සිට සෝයූස් කැප්සියුලයක නැගී, රොකට්ටුවක ආධාරයෙන්, මෙම රුසියන් ගගනගාමිහු තිදෙනා අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පිටත්ව ගියහ.

1961 වසරේ නිරවි යුද සමයේ සෝවියට් දේශයත් ඇමෙරිකාවත් අතර අභ්‍යවකාශය ජය ගැනීමේ තරගයක් පැවැතිණි. සෝවියට් විද්‍යාඥයන්ට යුරි ගගාරීන් අභ්‍යවකාශයට යවා නිරුපද්‍රිතව ආපසු ගෙන්වා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් විය.

ගගාරින් අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා පමණක් නොව, පෘථිවි කක්ෂයේ රැදී සිටි පළමු මිනිසා ද වෙයි. ගගාරීන් අභ්‍යවකාශයේ ගත කළ කාලය විනාඩි 108 කි.

මොස්කව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS