කොවිඩ්-19’ ලොකු රැල්ලක්



ඍතු වෙනස් වීමත් සමඟ නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වෙනස් නොවන බවත් එම නිසා සැහැල්ලුවට නොගන්නා ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

උත්තර ධ්‍රවයේ රටවලට ග්‍රීෂ්ම ඍතුව පැමිණිය ද නව කොරෝනා වයිරසය පැතිර යෑම හෝ එහි ව්‍යාප්තියේ වෙනසක් නොවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

නව කොරෝනා වයිරසය, උණ සෙම්ප්‍රතිශ්‍යාව මෙන් ඍතුවල වෙනස්වීම් සමඟ වෙනස් නොවන බවත් හෙතෙම කීය.

‘‘මිනිස්සු තවමත් ඍතු වෙනස් වීම ගැන හිතනවා. අපි තේරුම් ගත යුතු අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. මේක අලුත් වයිරසයක්. මේ වයිරසය හැසිරෙන්නේ වෙනස් විදියකට’’ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරිනියක වන මාගරට් හැරිස් කීවාය.

වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පියවර ගත යුතු බවත් බොහෝ පිරිසක් එක්රැස් වීමෙන් වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පියවර ගත යුතු බවත් දැඩි පරෙස්සමෙන් සහ විමසිල්ලෙන් කටයුතු බවත් ඇය අවධාරණය කළාය.

වයිරසයේ පළමු රැල්ල දෙවැනි රැල්ල යනාදිය සම්බන්ධයෙන් ද ඇය විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවාය.

‘‘මේක අති විශාල ලොකු රැල්ලක්. එය සැරෙන් සැරේ උස් පහත් වෙනවා. රැල්ලේ සැර අඩුවැඩි වෙනවා. කරන්න පුළුවන් හොඳම දේ එය පාලනය කරගැනීමයි. රැල්ලේ සැර අඩු කරගැනීම’’ යැයි ද තවදුරටත් කීවාය.

රොයිටර්


RECOMMEND POSTS