කොරෝනාට බිලිවුණු සියයට 70 ක් පිරිමි



ඉන්දියාවේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයට බිලිවුණු සියයට 70 ක් පිරිමි පුද්ගලයන් යැයි එරට සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

 

කොවිඩ් 19 වයිරසයේ බලපෑම ගැහැනු පිරිමි ලෙස වෙනස් වන බව ජගත් විද්‍යාඥයන් පැහැදිලි කර ඇත. ගැහැනුන්ට වයිරසය ආසාදනය වීමේ ප්‍රවණතාව අඩු බවත්, එය මාරක නොවන බවත් ජගත් විද්‍යාඥයන් වැඩිදුරටත් පැහැදිලි කර දී තිබේ.

ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිමි පුද්ගලයන්ගෙන් වැඩි දෙනා අවුරුදු 60 ට වැඩි බව ද පැවැසෙයි. මේ වනවිට කොරෝනා ආසාදිතයන් වැඩියෙන්ම වාර්තාවන ලොව දෙවැනි රට වන්නේ ඉන්දියාවය. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 7,239,389 ක් වන අතර මරණ වාර්තා වන්නේ 1,10,617 ක් ලෙසිණි.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS