කොරෝනා මර්දනයට හමුදා​වේ සහාය



ඉන්දියාවේ කොරෝනා මර්දනය කිරීමේ ක්‍රියාවලියට සහාය දැක්වීමට ඉන්දියාව එරට හමුදාව කැඳවා ඇතැයි ද වාර්තා වේ.

දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන තුන් ලක්ෂය ඉක්මවීමත් ඔක්සිජන්, ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණ හිඟවීමත් වයිරස ආසාදිතයන් සඳහා රෝහල්වල ඉඩ ප්‍රමාණවත් නොවීමත් හේතුවෙන් ඉන්දියාව මේ වනවිට උග්‍ර සෞඛ්‍ය අර්බුදයකට මුහුණ පා සිටී.

ඉන්දීය  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ද  පැවැත්විණි.

ආරක්ෂක අංශවල සංචිතවලින් රෝහල්වලට ඔක්සිජන් යවන බවත් විශ්‍රාමික හමුදා නිලධාරීන් කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සේවයට පැමිණෙන බවත් එම හමුවෙන් පසු ජෙනරාල් බිපින් රාවත් පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS