කොරෝනා මරණ 150,000 ඉක්මවයි



නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 150,000 පසු කර ගියේය.

‘කොවිඞ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොව ඕනෑම රටකින් වාර්තා වන වාර්තා වන වැඩිම මරණ ගණන වන්නේ ද එයයි. එමෙන්ම ලොව සමස්ත වයිරස ආසාදිත මරණ ගණනින් හතරෙන් එකකට ද එම මරණ ගණන සමාන වේ.
වයිරසය වේගයෙන් පැතිර යන රටවල් 20 අතරින් පුද්ගලයන් 10,000කට මරණ අනුපාතය සැලකීමේදී ඇමෙරිකාව පසුවන්නේ හයවැනි ස්ථානයේ ය. ඇමෙරිකාවේ ඒක පුද්ගල මරණ අනුපාතය ඇත්තේ 4.5 අනුපාතයක ය.

එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, ඉතාලිය, පේරු සහ චිලී යන රටවල් ඉහළම ඒක පුද්ගල මරණ අනුපාතයක් ඇති රටවල් ය. මේ වනවිට ගෝලීයව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 660,997කි. ඇමෙරිකාවෙන් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන එයින් සියයට 23කි.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පසුගිය දින 11 කාලයේදී වයිරස ආසාදිත මරණ 10,000 ඉක්මවා වාර්තා විය. ඉකුත් ජූනි මාසයෙන් පසු ඇමෙරිකාවෙන් වේගයෙන්ම මරණ වාර්තා වූ දින 11 ලෙස ද එම දින සැලකේ.

රොයිටර්


RECOMMEND POSTS