කොරෝනා පරීක්ෂණයට අනුමැතිය



මිනිත්තු 30 කින්, ප්‍රතිඵල ලබා ගත හැකි, නිවසේ සිටම ‘කොවිඞ් 19’ ආසාදනය වී ඇතිද යන්න සොයා ගැනීමේ පරීක්ෂණ කට්ටලයට ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය ලැබී තිබේ.

මෙම වයිරස පරීක්ෂණ කට්ටලය ඔසුහල්වලින් මිලදී ගැනීමට හැකි බව ද පැවැසෙයි.

පරීක්ෂණ කට්ටලය සකසා ඇත්තේ වරක් භාවිතා කළ හැකි ආකාරයටය. ඇමෙරිකාවේ රෝහල් බොහොමයක ද මෙම පරීක්ෂණ කට්ටල භාවිතයට ගන්නා බව ද ආහාර සහ ඖෂධ පාලන අධිකාරි පවසා තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS