කොරියාවේ රෝගීන්ට ඉබෝලා නාශක ඔසුව



‘කොවිඞ් 19’ ආසාදිත අසාධ්‍ය රෝගීන්ට, ‘රෙම්ඩෙසෙවිර්’ නමැති ඉබෝලා නාශක ඔසුව ලබා දීමට තීරණය කළේ යැයි දකුණු කොරියානු රජය නිවේදනය කළේය.

කොරියානු රජය මේ බව නිවේදනය කළේ, ‘රෙම්ඩෙසෙවිර්’ ඔසුව සම්බන්ධයෙන්, එරට වසංගත රෝග මර්දන ඒකකය ලබා දුන් නිර්දේශ අනුවය.

ඉබෝලා නාශක ‘රෙම්ඩෙසෙවිර්’ ඔසුව නිර්මාණය කර ඇත්තේ ඇමෙරිකාවේ ‘ගිලීඞ්’ ඖෂධ නිෂ්පාදන සමාගමය. දකුණු කොරියා රජය කොපමණ මුදලකට, කොපමණ ප්‍රමාණයක් ‘රෙම්ඩෙසෙවිර්’ මිලදී ගෙන තිබෙනවා දැයි මෙතෙක් තහවුරු වී නැත.

දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන් ගණන මේ වනවිට 12,850 තෙක් ඉහළ ගොස් තිබේ. වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 11,613 කි. දකුණු කොරියාවෙන් වාර්තා වන මරණ ගණන 282 කි.

සෝල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS