කෑම ඉල්ලා පොර කෑ 20 ක් තෙරපී මරුට



නයිජීරියාවේ ගිණිකොන දෙසින් පිහිටි ඩිෆා නගරයේ සිදුවුණු තෙරපීමකින් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 100 කට වැඩිය.

තෙරපීමට ලක් වූයේ බොහෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අසල්වැසි රටවලින් නයිජීරියාවට පැමිණ ඩිෆා නගරයේ කඳවුරුවල වෙසෙන සරණාගතයන්ය. තෙරමීප සිදුවූයේ ඔවුන්ට ආහාර සහ මුදල් ලබා දෙද්දීය.
නයිජීරියාව බටහිර අප්‍රිකා රාජ්‍යයකි. නයිජීරියාවේ අසල්වැසියන් වන්නේ චැඞ්, කැමරූන්, නයිජර් වැනි රටවල්ය.

බෝකෝ හරාම් ත්‍රස්තවාදීන් චැඞ්, කැමරූන්, නයිජර් රටවල ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරයි.  එහෙයින්, ගම්බිම් විනාශ වෙද්දී පණ බේරා ගනිමින්, චැඞ්, කැමරූන්, නයිජර් යන රටවල වැසියෝ 1,20,000 කට වැඩි පිරිසක් නයිජීරියාවේ ඩිෆා නගරයේ සරණාගත කඳවුරුවල වෙසෙති.

බෝකෝ හරාම් ත්‍රස්තවාදීන් බටහිර අප්‍රිකා රටවල ක්‍රියාත්මක වන්නේ 2009 වසරේ සිටය. සරණාගතයන්ට ආහාර සහ මුදල් බෙදා දීමට මැදිහත් වූයේ ඩිෆා නුවර අයත් බෝර්නෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයාය.

ඩිෆාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS