කැසීනෝ ප්‍රහාරයේ පරීක්ෂණ දිගටම



පිලිපීනයේ මැනිලා නුවර කැසීනෝ ගොඩනැගිල්ලේ ප්‍රහාරය සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ පවත්වන බව පිලිපීන පොලිසිය කියයි. තවමත් එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සලකන බව ද පොලිසිය වැඩි දුරටත් කියා සිටී.

සිකුරා දා අලුයම කැසීනෝ ගොඩනැගිල්ලේ ආපන ශාලා සංකීර්ණයකට කඩා වැදුණු තවක්කුකරු කළ එම වෙඩි තැබීමෙන් පසු හටගත් ගින්නකින් ගොඩනැගිල්ලේ සිටි 34 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. කාන්තාවෝ රැසක් ද ඒ අතර සිටිති.

මියගිය වැඩි දෙනා ගින්න නිසා හටගත් දුම ආඝ්‍රාණය වූ අය බවත්, ඔවුන් ඔවුන්ගේ කාමර තුළ මියගොස් සිටි බවත් ගිනි නිවන භටයෝ පැවැසූහ.

(බී.බී.සී.)


RECOMMEND POSTS