කැස්බෑවාගේ බඩෙන් කාසි 915ක් එළියට



කැස්බෑවන් සිටින පොකුණකට කාසි විසි කිරීමෙන් විසිකරන පුද්ගලයාට දීර්ඝායුෂ ලැබෙව බවයි තායිලන්ත වැසියන්ගේ විශ්වාස කරයි. 

එම විශ්වාසය මත පදනම්ව තායිලන්ත වැසියන් විසින් විසිකරන ලද කාසි 915ක් ගිලදැමූ කැස්බෑවකු පසුගියදා බැංකොක් නුවරදී ශල්‍යකර්මයක් මගින් උදරයේ තිබූ කාසි ඉවත්කර ඇත. 

මෙම කැස්බෑවාට ලබාදී ඇති සුරතල් නාමය වන්නේ “Bank” යනුවෙනි. 

ඉවත්කරන ලද කාසි වල බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 5ක් පමණ වන බව වෛද්‍ය කණ්ඩායම ප්‍රකාශ කර ඇත.

උදරය තුල කාසි තිබීම හේතුවෙන් කැස්බෑවා මියයෑමේ තර්ජනයකට ලක්වී ඇති අතර සත්වයාගේ ජීවිතය බේරාගැනීමේ අරමුණින් චූලලොන්කෝන් විශ්ව විද්‍යාලයේ පශූ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍යවරුන් පස්දෙනෙකු විසින් පැය හතරක ඉතා අවධානම් ශල්‍යකර්මය සිදුකර ඇත. යම්කිසි හේතුවකින් ශල්‍යකර්මය නිසි ආකාරයෙන් සිදුනොවූවානම් සත්වයාගේ ජීවිතය අහිමිවීමටද ඉඩ තිබී ඇත.    

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන්. ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 

 


RECOMMEND POSTS