කැරී ලෑම් ඉවත් කරන්න චීනය සැරැසෙයි



හොංකොං පාලිකා කැරී ලෑම්, එම තනතුරින් ඉවත් කර සුදුස්සකු ලපත් කිරීම කෙරෙහි චීනයේ අවධානය යොමු වී ඇත. හොංකොං යනු චීනයට අයත්, ස්වං පාලන ප්‍රදේශයකි.

කැරී ලෑම් ඉවත් කිරීමේ යෝජනාවලිය මේ වනවිට සකස් කෙරෙමින් ඇති බවත්, ඇය බඉවත් කිරීම ලබන මාර්තුව වනවිට සිදුවනු ඇති බවත් චීන පුවත් සේවා වාර්තා කරයි.

හොංකොං පාලිකාව චීන රජයේ ද අප්‍රසාදයට ලක් වූයේ හොංකොං හි දිගින් දිගටටම පැවැත්වෙන විරෝධතා හේතුවෙනි. එම විරෝධතා මර්දනයට පාලිකා කැරී ලෑම් පොලිසියට බලය ලබා දුන්නාය. ඒ අනුව, විරෝධතා උත්සන්න වී හොංකොං අස්ථාවර තත්ත්වයකට පත් විය.

හොංකොංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS