කැරිබියන් දූපතේ ගිනි කන්දක් පුපුරයි



ශාන්ත වින්සන්ට් කැරිබියානු දූපතේ, දශක ගණනක් තිස්සේ අක්‍රියව පැවැති ගිනි කන්දක් සක්‍රීය වී පුපුරා යමින් ඇති බවත්, මේ වනවිට ගිනි කන්දෙන් ප්‍රබල පිපිරීම් කීපයක් වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

පුපුරා යෑමට පටන්ගෙන ඇත්තේ ‘ලා සොෆීරේ‘ නමැති ගිනි කන්දය. අඩි 20,000 ක් උස මෙම ගිනි කන්ද ශාන්ත වින්සන්ට් දූපතේ උසම ශිඛරය ලෙස ද සැලකෙයි.

ගිනි කන්දෙන් නැගෙන දුම්වලා කිලෝ මීටර් 6 ක් පමණ දුරට පැතිර යමින් ඇති හෙයින්, ඒ අවට ගුවන් ගමන් කටයුතුවලට ද බාධා එල්ල වීමට පටන්ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

ගිනි කන්ද පිපිරීමත් සමග අනාරක්ෂිත ප්‍රදේශවල ජීවත් වූ 16,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථානවෙත යොමු කළ බව ද පැවැසෙයි.

මෙම ගිනි කන්ද මීට පෙර පුපුරා ගියේ 1902 වසරේදීය. එම අවස්ථාවේ දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණු බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇන්ටිගුවා සහ බාර්බුඩා (රොයිටර්)


RECOMMEND POSTS