කාබුල් අගනුවරට බෝම්බ ප්‍රහාරයක්



කාබුල් අගනුවර පිහිටි ඇෆ්ගන් ආරක්ෂක අමත්‍යාංශ ගොඩනැගිල්ල ඉලක්ක කර ගනිමින් ඊයේ (11) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනකු ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 13 කි.

මරාගෙන මැරෙන බෝම්බකරු සිය බෝම්බ කබාය පපුරුවාගෙන ඇත්තේ ආරක්ෂක අමත්‍යාංශයේ ගේට්ටුව ඉදිරිපිටදීය. ඒ, ඔහු සෝදිසි කිරීමට ආරක්ෂක අංශ සාමාජිකයන් පියවර ගත් අවස්ථාවේදීය. ප්‍රහාරයේ වගකීම තවතමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. එය තලේබාන් ප්‍රහාරයක් බව අනුමාන කෙරේ.

කාබුල්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS