කාබුල් අගනුවර කාර් බෝම්බයට 7 ක් බිලි



ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 12 ක් බවත් ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් වාර්තා වේ.

බෝම්බය පුපුරා ගියේ කාබුල් අගනුවර කසාබා පළාතේ මාර්ගයක් ආසන්නයේය. මෝටර් රථයේ අටවනු ලැබූ බෝම්බය පුපුරා හැර ඇත්තේ දුරස්ථ පාලකයකිනි. එය තලේබාන් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් බව පැවැසෙයි.

කාබුල්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS