ක්ලින්ටන් යුවළ ගැන පරීක්ෂණයක්



ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ ඔහුගේ බිරිය මෙන්ම ඔබාමා පරිපාලනය සමයේදී ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය ද වුණු හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි ඇමෙරිකා නීතිපති දෙපාර්තමේන්තුව දන්වා තිබේ.

බිල් ක්ලින්ටන් සහ හිලරි ක්ලින්ටන් පුණ්‍යාධාර පදනමක් පිහිටුවා ඇති අතර, ඊට ලැබෙන මුදල් අකටයුතුකම්වලට යොදා ගන්නා බවට චෝදනා එල්ල වී ඇත. ඊට අමතරව, යුරේනියම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ද දෙදෙනාට චෝදනාවක් තිබේ.

පරීක්ෂණ පැවැත්වෙන්නේ මෙම චෝදනා සම්බන්ධයෙනි. කෙසේ නමුත් බිල් ක්ලින්ටන් ගැන හෝ හිලරි ක්ලින්ටන් ගැන හෝ සෙනෙට් පරීක්ෂණයක් පැවැත්වීමේ අදහසක් නොමැති බව නීතිපති ජෙෆ් සෙෂන්ස් පවසා තිබේ.

(බී.බී.සී)

 


RECOMMEND POSTS