කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා



ඉන්දීය, ජපාන සහ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරු කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූහ.

වෙනස්වන කලාපීය තත්ත්ව සම්බන්ධයෙන් සහයෝගීතාව වැඩි කරගැනීම සම්බන්ධයෙන් ජපානය මෙහිදි සිය අවධානය යොමු කළ අතර සිය සහයෝගීතාව සහ ආරක්ෂාව පුළුල් කිරීමටත් එකඟතාව පළ කළේය.

ජපාන, ඇමෙරිකා එක්සත් ජනපද, ඔස්ට්‍රේලියානු සහ ඉන්දීය විදේශ අමාත්‍යවරුන් සහ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ අතර සාකච්ඡාවක් පැවැත්වීමෙන් දින හතරකට පසුව ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මරායිස් පේන් සහ ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්සු අතරේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

වර්ධනය වෙමින් තිබෙන චීනයේ කලාපීය බලපෑම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡාවට ලක්විය. ඇමෙරිකාව සහ ඇමෙරිකාවේ ආසියාවේ මිත්‍ර රටවල් අතර සහයෝගීතාව වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් මෙහිදි විදේශ අමාත්‍යවරුන් අතරේ සාකච්ඡා පැවැත්විණි.

මේ වනවිට ඇමෙරිකාව සහ චීනය අතර සබඳතා නරක අතට හැරෙමින් තිබෙන අතර දෙපාර්ශවය අතර තිබෙන මත ගැටුම් උග්‍ර වී තිබේ. මේ අතරවාරයේදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ඉකුත් දා ජපානයට පැමිණියේය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ජපානයට පැමිණියේ වසරකට පසුවය.

චීනයට එරෙහිව මිත්‍ර සන්ධානයක් ගොඩනැගීමට ඇමෙරිකාවට අවශ්‍ය වී ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

රොයිටර්


RECOMMEND POSTS