කඩාකප්පල්කාරියෝ සුප්‍රකට ‘හොලිවුඞ්’ පුවරුව වෙනස් කරති



ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර හොලිවුඞ් පුරවරයේ, කඳු ගැටයක යකඩ අට්ටාලයක සවි කර ඇති ‘හොලිවුඞ්’ යන වදන් පෙළ, නව අවුරුදු උදාවත් සමඟ  කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් ‘හොලිවීඞ්’ යනුවෙන් වෙනස් කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.

‘වීඞ්’ යනු ගංජා ආදී මත්ද්‍රව්‍යයි. ඇමෙරිකාවේ ජනපද කිහිපයක් මේ වනවිට මෙවැනි මත්ද්‍රව්‍ය කිසියම් නීතිමය රාමුවක් යටතේ නීතිගත කර ඇත. එසේ මත්ද්‍රව්‍ය නීතිගත කළ ජනපද අතරට කැලිෆෝනියා ජනපදය ද මෙම නව වසරේ සිට එක් වෙයි.
හොලිවුඞ් පුරය ‘මත්ද්‍රව්‍ය තෝතැන්නක්’ යන අදහසින් ‘හොලිවුඞ්’ යන වදන් පෙළ ‘හොලිවීඞ්’ යනුවෙන් වෙනස් කිරීමට කඩාකප්පල්කාරීන් කටයුතු කර ඇතැයි පැවැසෙයි. 

එම කඩාකප්පල්කාරීන් පිරිස වහා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ලොස් ඇන්ජලීස් පොලිසිය පවසා ඇත.


RECOMMEND POSTS