ඕස්ටේ‍්‍රලියාවේ පාර්ලිමේන්තු මැතිවරණය හෙට



නව පාර්ලිමේන්තුවක් සහ අගමැතිවරයකු තෝරා පත් කර ගැනීමේ අරමුණින්  ඕස්ටේ‍්‍රලියාව මහ මැතිවරණය හෙට (18) පැවැත්වෙයි.

ඡන්ද ප‍්‍රකාශ කිරීමේ කටයුතු හෙට උදේ 8 ට ආරම්භ වනු ඇති අතර,  අවසන් වන්නේ  ඕස්ටේ‍්‍රලියාවේ වේලාවෙන් සවස 6 ටය. ඡන්ද මධ්‍යස්ථාන සුපුරුදු පරිදි පාසල්, ප‍්‍රජා මධ්‍යස්ථාන සහ කි‍්‍රස්තියානි පල්ලි කේන්ද්‍රකොට ගනිමින් පිහිටුවීමට එරට මැතිවරණ බලධාරීන් කටයුතු කර ඇත.

පූර්ව ඡන්ද ප‍්‍රකාශ කිරීමේ දිනය ලෙස පසුගිය 13 වැනිදා නම් කර තිබුණු අතර එදින මිලියන 2.6 ක පිරිසක් ඡන්දය ප‍්‍රකාශ කළේ යැයි ද වාර්තා වේ. ඡුන්දය ප‍්‍රකාශ කිරීමට මිලියන 16.5 ක පිරිසක් ලියාපදිංචි වී සිටින බව මැතිවරණ කොමිසම පවසා ඇත.

ඕස්ටේ‍්‍රලියාවේ ඡුන්දය ප‍්‍රකාශ කිරීම අනිවාර්යයෙන් කළ යුතුව ඇත. එසේ නොකළොත් දඩ මුදලක් අය කිරීම සිදුවෙයි. විදේසවල වෙසෙන  ඕස්ටේ‍්‍රලියානුවෝ එම රටවල තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල හරහා ඡුන්දය ප‍්‍රකාශ කරති.

ඕස්ටේ‍්‍රලියාවේ ආදිවාසීන් හෙවත් ඇබ්‍රොජිනල් ප‍්‍රජාවට ද ඡුන්ද අයිතිය ඇත. ආදිවාසීන්ට ඡුන්ද අයිතිය ලබා දීමට  ඕස්ටේ‍්‍රලියා රජය කටයුතු කර ඇත්තේ 2010 වසරේදීය.

පසුගිය වසර 12 ක කාලයේ  ඕස්ටේ‍්‍රලියා අගමැති ධුරයේ වෙනස්කම් සිදුවිය.  ඕස්ටේ‍්‍රලියාවේ අගමැති ධුරයට පත්වන්නේ එරට පාලක කරන ලිබරල් සන්ධානයේ පක්ෂ නායකත්වයේ වෙනස්වීම් සිදුවිය. ඒ, පක්ෂ අභ්‍යන්තරයේ සිදුවුණු කුමන්ත‍්‍රණ හේතුවෙනි.

වත්මන් අගමැති ස්කොට් මොරිසන් පක්ෂයේ නායකත්වයටත් අගමැති ධුරයටත් පත්වූයේ එවැනි ලිබරල් පක්ෂ බල පෙරැුළියක් හරහාය. මොරිසන් අගමැති ධුරයට පත්වූයේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිටය. ඒ, අගමැති ධුරයේ සිටි මැල්කම් ටර්න්බුල්ට අභියෝග කරමින්, පක්ෂ නායනත්වයට පත් වෙමිනි. ටර්න්බුල්ගේ පක්ෂ නායකත්වය අහිමිවූ අවස්ථාවේදී, අගමැති ධුරය ද අහෝසි විය.

අගමැති ධුරයට පත්වීමට පෙර මොරිසන්,  ඕස්ටේ‍්‍රලියාවේ සංක‍්‍රමණියන් සම්බන්ධ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. දේශපාලන රැුකවරණ පතා  ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන පිරිස්සම්බන්ධයෙන් දැඩි ප‍්‍රතිපත්ති අනුගමන කළ අයකු ලෙස මොරිසන් ප‍්‍රකටය. එපමණක් නොව, මොරිසන්  ඕස්ටේ‍්‍රලියාවේ මුදල් ඇමැති ලෙස ද කටයුතු කර තිබේ.

ලිබරල් පක්ෂයට දිගටම නායකත්වය දෙමින්, දිගටම අගමැති  ධුරයේ කටයුතු කිරීමට මොරිසන් අපේක්ෂා කරයි. ඒ අනුව, ඡුන්ද පොරොන්දු ලෙස බදු බර අඩු කිරීමට, රටේ ආර්ථිකය නගා සිටුවීමට මොරිසන් පොරොන්දු වී තිබේ.

මැතිවරණය පැවැත්වෙන්නේ නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයට සාමාජිකයන් 150 ක් සහ සෙනෙට් මණ්ඩලයට නියෝජිතයන් 76 ක් පත් කර ගැනීමටය.

ඕස්ටේ‍්‍රලියා දේශපාලනයේ ප‍්‍රධාන බළ කඳවුරු දෙකකි. ඒ, මධ්‍ය දක්ෂිණාංශික ලිබරල් ජාතික සන්ධානය සහ මධ්‍ය වාමාංශික  ඕස්ටේ‍්‍රලියා කම්කරු පක්ෂයයි. මධ්‍ය දක්ෂිණාංශික ලිබරල් ජාතික සන්ධානය බලයේ රැදී සිටින්නේ 2013 වසරේ සිටය. කම්කරු පක්ෂයට නායකත්වය දෙන්නේ බිල් ෂෝටන්ය. මොහු 2013 වසරේ සිට කම්කරු පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරයි.

ඒ අනුව, මැතිවරණ සටන පැවැත්වෙන්නේ මොරිසන් සහ ෂෝටන් අතරේය. බහුතර බලය සඳහා ආසන 76 න්, 40 ක් දිනා ගැනීම කළ යුතුය. හෙට (18) ඡුන්ද ප‍්‍රකාශ කිරීම අවසන් වූ සැණින් ඡුන්ද ගණන් කිරීම සහ ප‍්‍රතිඵල නිකුත් කිරීම සිදුවනු ඇතැයි  ඕස්ටේ‍්‍රලියා මැතිවරණ කොමිසම පවසා ඇත.

මොරිසන් සහ ෂෝටන් ට අමතරව,  ඕස්ටේ‍්‍රලියාවේ හරිත පක්ෂය, ‘කෙටර්ස්  ඕස්ටේ‍්‍රලියන්’ පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වෙයි. හරිත පක්ෂයට නායකත්වය දෙන්නේ රිචඞ් ඞී නැටලේ ය. ‘කෙටර්ස්  ඕස්ටේ‍්‍රලියන්’ පක්ෂයට නායකත්වය දෙන්නේ බොබ් කෙටර්ස්ය.

මෙල්බර්න්හිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS