ඕස්ට්‍රේලියා නීතිපති ධුරයෙන් ඉවතට



බාලවයස්කාර දැරියක දූෂණයට ලක් කළැයි චෝදනා එල්ල වූ ඕස්ට්‍රේලියාවේ නීතිපතිවරයා ක්‍රිස්ටියන් පෝටර්, එම ධුරයෙන් ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කටයුතු කළේය.

 

පෝටර් ට චෝදනා එල්ල වී ඇත්තේ, මීට වසර 33 කට පෙර, 17 හැවිරිදි දැරියක දූෂණය කළැයි යන චෝදනාය. පෝටර් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. පෝටර්, ඕස්ට්‍රේලියාවේ නීතිපතිවරයා ලෙස කටයුතු කරන්නේ 2017 වසරේ සිටය.

ඕස්ට්‍රේලියා කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද (29) සිදුවුණු අතර, ක්‍රිස්ටියන් පෝටර් නීතිපති ධුරයෙන් ඉවත් කෙරුණේ එම අවස්ථාවේදීය. නීතිපති ධුරයෙන් ඉවත් කළ පෝටර් කැබිනට් මණ්ඩලයේ දිගටම රැදී සිටිනු ඇති බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

පෝටර් වෙනුවට නීතිපති ධුරයටත්, කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ලෙසත් මිෂෙලා කැෂ් පත් කිරීමට ද අග්‍රාමාත්‍ය මොරිසන් පියවර ගෙන ඇත.

මෙල්බර්න්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS