ඔබාමා ගොල්ෆ් ක්‍රීඩා පිටියේ



ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දීමත් සමඟ ධුරයෙන් සමුගත් ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනපති බැරැක් ඔබාමා කැලිෆෝනියාවේ පෝකියුපයින් ක්‍රීක් ගොල්ෆ් ක්‍රීඩා පිටියේ ගොල්ෆ් ක්‍රීඩා කරන අයුරු දැක්වෙන ඡායාරූප විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

ට්‍රම්ප් දිවුරුම් දුන්නේ පසුගිය 20 වැනිදාය. ඇමෙරිකාවේ සම්ප්‍රදාය අනුව, ඔබාමා සහ මිෂෙල් ධවල මන්දිරයට ට්‍රම්ප් සහ බිරිය මිෂෙල් ආරාධනා කර ඔවුන්ට තේ පැන් සංග්‍රහයක් පිරිනැමූහ.

ට්‍රම්ප් දිවුරුම් දුන්නේ ධවල මන්දිරයේ සිට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි කැපිටල්හිල් ගොඩනැගිල්ල අබියසය. ඇමෙරිකා ජනපතිවරුන් දිවුරුම් දෙන්නේ මෙම ස්ථානයේය. කැපිටල් හිල් ගොඩනැගිල්ල යනු ඇමෙරිකාවේ පාර්ලිමේන්තුවය.
නව ජනපති දිවුරුම්දීමෙන් පසු, ධුරයෙන් ඉවත්වන ජනාධිපති වෙනුවෙන් ‘මැරීන් 1’ හෙලිකොප්ටර් යානය සූදානමින් තැබේ. ධුරයෙන් සමුගන්නා ජනපතිට ඔහු කැමැති ඕනෑම තැනකට යෑමට ඉඩ ලැබේ. ‘මැරීන් 1’ යනු ඇමෙරිකන් ජනපතිවරයාගේ නිල හෙලිකොප්ටරයයි.

ඔබාමා සහ මිෂෙල් ඔබාමා රැස්ව සිටි පිරිසට ආයුබෝවන් කියා අත වනා හෙලිකොප්ටරයට ගොඩවී කැලිෆෝනියාව බලා පිටව ගිය අතර, නව ජනපති ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිරයට ගොස් රාජකාරි ආරම්භ කළේය. ඔබාමා සහ මිෂෙල් පදිංචි වීමට නියමිත වොෂින්ටන් නුවරය. කෙටි නිවාඩුවකින් පසු දෙදෙනා යළි වොෂින්ටන් අගනුවර ඔවුන් විසින් මිලදී ගත් නව නිවසට පැමිණෙනු ඇත.

 

(රොයිටර්)

 


RECOMMEND POSTS