ඔබාමා අවසාන වැඩෙත් කරයි...





ද ගාඩියන් ඇසුරෙනි.......

වොෂින්ටනයේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 35 දෙනෙකු පිටුවහල් කිරීමට ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා නියෝග කර ඇත.

ඇමෙරිකා ජනාධිපතිවරයා විසින් ඔවුන්ට සිය පවුල් සමග ඇමරිකාවෙන් නික්මීමට පැය 72ක කාලයක් ලබා දී තිබේ.


පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ පරාජයට රුසියානු සයිබර් ප්‍රහාර හේතු වූ බව ජනාධිපති ඔබාමාගේ කණ්ඩායම චෝදනා කර සිටියේය.ඊට අදාළවයි මෙම රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙලෙස පිටුවහල් කිරීමට තීරණය කර ඇත.

ඔබාමා ලබන ජනවාරි 20 වැනිදා සිය දෙවසරක ධූර කාලයෙන් සමුගැනීමට නියමිත අතර නව ජනාධිපතිවරයා වශයෙන් රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්  එදින සිය ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතය.

කෙසේ නමුත්, රුසියාව ඇමරිකානු ජනාධිපතිවරණයට මෙලෙස බලපෑම් එල්ල කළ බවට එල්ල වන චෝදනා ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරනවා.

 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS