එෆ්.බී.අයි. ප්‍රධානියා ධුරයෙන් නෙරපයි



ඇමෙරිකා එෆ්.බී.අයි. පරීක්ෂණ ආයතනයේ ප්‍රධානී ජේම්ස් කොමේ සිය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.

ඔබාමා පරිපාලනය සමයේ, රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ හිලරි ක්ලින්ටන්ට ඊ මේල් අවභාවිතයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

එම චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී, නිවැරදි පරීක්ෂණයක් සිදු නොකළ බවට ජනපති ට්‍රම්ප් එෆ්.බී.අයි. ප්‍රධානී ජේම්ස් කොමේට දොස් නගා ඇත.

කොමේ සිය ධුරයෙන් ඉවත් කිරීමට හේතුවක් වී ඇත්තේ ද මෙම සිදුවීම යැයි පැවැසෙයි. ජනපතිවරණ සටනේදී ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ ඩිමොක්‍රටික් පාක්ෂික හිලරි ක්ලින්ටන්ය.

(රොයිටර්)


RECOMMEND POSTS