එන්නතක් හැදුවොත් නොමිලේ ලෝකයට දෙන්න



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කළ හැකි එන්නතක් නිපදවුවහොත්, එය නොමිලේ ලෝකයේ සැමට බෙදා දෙන්නැයි මානව හිතවාදීන් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර ඇත.

අන්තර් ජාතික ප්‍රජාවෙන් මෙම ඉල්ලීම කළ මානව හිතවාදීන් අතර ඩෙස්මන්ඞ් ටුටූ, මලාලා යූසොෆ්සායි, ජෝජ් ක්ලූනි, මිහායිල් ගොර්බචොෆ්, ඇන්ඩියා බෝසෙලි ඇතුළු මානව ක්‍රියාකාරීන් සහ ආයතන රැසක් සිටී.

ඊට ඇතුළත් ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන්නේ නොබෙල් සාම ත්‍යාගලාභී මොහොමද් යූනුස්ගේ මූලිකත්වයෙන් පිහිටවූ ඩකා අගනුවර පිහිටි යූනුස් මධ්‍යස්ථානයයි.

ඩකා නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS