එන්නතක් නිපදවන්න සෞඛ්‍ය සංවිධානයට සහාය දෙනවා



කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය මර්දනයට එන්නතක් නිපදවීමට තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයට සහාය පළ කරන බව චීනය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව සෑම කෙනකුටම නොමිලේ බෙදා දීමට එන්නතක් නිපදවන්නේ ඔවුන්ට අයත් කොවැක්ස් ඖෂධ නිෂ්පාදන සමාගම සමග එක් වෙමිනි.

චීනය පවසා ඇත්තේ තමන් කොවැක්ස් සමාගම සමග එක් වී එන්නතක් නිර්මාණය කිරීමට සහාය දක්වන බවය. ඒ සදහා අවශ්‍ය මූල්‍යමය සහාය ලබා දීමට ද චීනය කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS