එක්වදෝරයේ ජනාධිපතිවරණයක්



‘කොවිඩ් 19’ වයිරස වසංගතය මැද ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන එක්වදෝරයේ ජනාධිපතිවරණය පෙරේදා (7) පැවැත්විණි.

එක්වදෝරයේ ජනාධිපතිවරණය පැවැත්වූයේ එරට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවකදීය. ඒ, ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් එල්ල වුණු බලපෑම් නිසාය.

පාර්ලිමේන්තුවේ ආසන 137 වෙනුවෙන් නියෝජිතයන් පත් කර ගැනීම ද ජනාධිපතිවරණයට සමගාමිව සිදුවන බව එරට මැතිවරණ කොමිසම පවසා තිබේ.

මිලියන 13.1 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බව පැවැසෙයි. එක්වදෝරයේ ජනාධිපති ධුරය හොබවන්නේ සමාජවාදී ජනාධිපති ලෙනින් මොරේනෝය. මොරේනෝ එක්වදෝරයේ ජනාධිපති ධුරයට පත් වූයේ 2017 වසරේ පැවැත්වුණු ජනාධිපතිවරණයෙනි.

‘කොවිඩ් 19’ හේතුවෙන් රටේ සෞඛ්‍ය පද්ධතිය අඩපණ වී, ආර්ථිකය කඩා වැටෙද්දී, ජනාධිපති මොරේනෝ දැඩි ලෙස ජනතා අප්‍රසාදයට පත් විය. ‘කොවිඩ් 19’ කොරෝනා වයිරසයට බිලිවුණු එක්වදෝර් වැසියන් ගණන 15,000 ඉක්මවයි. ආසාදනය වූ ගණන 2,57,000 කි.

ක්විටෝ නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS