එකට එක කරන්නේ නැහැ - පුටින්



ඇමෙරිකා ගත් පියවර අනුව යමින් එකට එක නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවැසීය. 

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයට අයත් පරිගණකවලට අනවසරයෙන් ඇතුළු වී දත්ත වෙනස් කළ බවට චෝදනා එල්ල විය. ඊට එරෙහි පියවරක් ලෙස ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඇමෙරිකාවේ රුසියානු තානාපති නිලධාරීන් 35 දෙනකු එරටින් නෙරපන ලෙසත් බුද්ධි අංශ ආයතන කිහිපයක් තහනම් කිරීමටත් නියෝග කළේය. 

එම පියවර ගැනීමත් ඊට ප්‍රතිචාර දැක්විය යුතු බව පවසමින් රුසියාවේ සිටින තානාපති කාර්යාල නිලධාරීන් 35 දෙනකු එරටින් නෙරපිය යුතු බව පවසමින් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් පුටින් යෝජනාවක් ඉදිරිපත් කළ අතර රුසියානු ජනාධිපතිවරයා එසේ කළ යුතු නැති බව ප්‍රකාශ කර ඇත. 

රුසියාව හා එරට ජනාධිපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපදය ජනාධිපතිවරණයේදී ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කරවීමට හැකර්කරුවන් හා එක්ව කටයුතු කළ බවට සී.අයි.ඒ බුද්ධි අංශ නිලධාරීන් උපුටා දක්වමින් ඇමෙරිකා පුවත් සේවා පසුගිය කාලයේ දී වාර්තා කළේය. 

ජනවාරි 20 වැනිදා ඇමෙරිකාවේ ජනාධිපතිධුරයේ දිවුරුම් දීමට නියමිත ඩොනල්ඞ් ට්‍රම්ප් කුමක් කරනු ඇත්දැයි තමා බලා සිටින බව ද රුසියානු ජනාධිපතිවරයා එහිදි කීවේය.

එපමණක් නොව රුසියානු ජනාධිපතිවරයා එරට සිටින ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ දරුවන්ට සාදයක් සඳහා ක්‍රෙම්ලිනය සඳහා පැමිණෙන්නැයි ආරාධනා කර ඇති බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. 

 

රොයිටර්


RECOMMEND POSTS