එ.ජා. වාර්තාව බොරු



සුළුජාතික රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් සමූල ඝාතනය කළේ යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ගේ නවතම වාර්තාව හරහා එල්ල කරන චෝදනා මියන්මාර හමුදාව ප‍්‍රතික්ෂේප කරයි.

එම වාර්තාව අසත්‍ය බවත්, කිසිම ආකාරයකට එය පිළිගැනීමට තමන් සූදානම් නැති බවත් මියන්මාර හමුදාව වෙනුවෙන් එහි ප‍්‍රකාශක සෝව් හටේයි පවසා ඇත.

රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් චෝදනා කරන්නේ මියන්මාර හමුදාව සහ බෞද්ධ බහුතරය ඔවුන්ට කෙණෙහිලිකම් කරන බවය. සිදුවන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මුල්කොට ගනිමින්, රොහින්ග්‍යා වැසියන් 7,00,000 ක පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට පලා ගොස් ඇත. එම සරණාගත පිරිස බංග්ලාදේශ දේශසීමාවේ සරණාගත කඳවුරුවල ජීවත් වෙති.

(රොයිටර්)

 


RECOMMEND POSTS