උපන් දින සාදයේ කෑම විස වෙලා



පිලිපනයේ හිටපු ජනපති ආර්යාවක වන ඉලෙන්ඩා මාකෝස්ගේ 90 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඉකුත් 3 වැනිදා මහා සාදයක් පැවැත්වුණු අතර, එහිදී ආහාර විසවීමක් සිදුවීමෙන් සාදයට එක් වුණු 261 දෙනෙක් රෝගී වූහ.

ඉලෙන්ඩා මාකෝස් යනු පිලිපීනයේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඞ් මාකෝස්ගේ බිරිඳය. අති සුඛෝපබෝගී ජීවන රටාවක් ගෙන ගිය ජනපති ආර්යාවක ලෙස  ඉලෙන්ඩා මාකෝස් ප්‍රසිද්ධය.

උපන් දින සාදයට 2,500 පිරිසකට ඇරැයුම් ලැබී තිබුණි. ඔවුන් වෙනුවෙන් බත්, බිත්තර, මස් වර්ග සකසා තිබුණි. රෝහල් ගත කෙරුණේ ඒවා ආහාරයට ගත් පිරිස් යැයි පිලිපීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉලෙන්ඩා මාකෝස් හෝ ඇගේ පවුලේ කිසිවකු හෝ රෝගී වී නැති බව ද පිලිපීන මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මැනිලාහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS