උදර්පණ පනත් කෙටුම්පත හකුලා ගනී



ආන්දෝලනයට ලක් වුණු නව උදර්පණ (පිටුවහල් කිරීමේ) පනත් කෙටුම්පත අහෝසි කිරීමට හොංකොං පාලිකා කැරී ලෑම් තීරණය කළේය. ඒ, විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ බව නිල වශයෙන් නිවේදනය කිරීමෙන් පසුවය.

හොංකොං පාලන ප්‍රදේශය රටක් නොවෙයි. හොංකෙං විශාල සංවර්ධිත නගරයකි. අතීතයේ හොංකොං යටත් විජිතයක් ලෙස පැවැතිණි. 1997 වසරේ දී හොංකොං යළි චීන පාලනයට නතු වූයේ, ‘එක රටක්, පරිපාලන පද්ධති දෙකක්’ යන ක්‍රමවේදයට අනුවය. අද වනවිට හොංකොං සැලකෙන්නේ ස්වං පාලන ප්‍රදේශයක් ලෙසය.

චීනයේ බලපෑමට යටත් වුවත් හොංකොං චීන පාලනයෙන් මිදී සිටින අතර, හොංකොං නීති හරහා හොංකොං වැසියන් නිදහසේ ජීවත් වීමට හැකියාව ලැබී ඇත. නව උදර්පණ නීති කෙටුම්පත සම්මත වී නව නීති සකස් කෙරුණොත් හොංකොං වැසියන්ගේ නිදහස අහිමි වෙයි. පසුගිය මාස 3 ක කාලය පුරාවට හොංකොං හි විරෝධතා හටගත්තේ මේ නිසාය.

හොංකොංහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS