උතුරු කොරියාවේ හමුදා ශක්තිය ලොවට පෙන්වයි



 

උතුරු කොරියානු පාලක කම්කරු පක්ෂයේ 75 වැනි සංවත්සරයට සමගාමීව, යොංග්යැංග් අගනුවර දැවැන්ත හමුදා පෙළපාළියක් පැවැත්විණි. ඒ, උතුරු කොරියා හමුදා ශක්තිය ලොවට පෙන්වීමේ අරමුණින්ය.

උතුරු කොරියා නායන කිම් ජොන් උන් සහ එරට හමුදා ප්‍රධානීන්ගේ ආචාර මැද හමුදා පෙළපාළිය පැවැත්වූයේ ඊයේ (10) රාත්‍රී කාලයේය. හමුදා පෙළපාළියේදී බැලැස්ටික් මිසයිල කිසිවක් ප්‍රදර්ශනය කෙරුණේ නැත. ඒ, ඇමෙරිකාව සමඟ ඇති කරගෙන තිබෙන න්‍යෂ්ටික අවිහරණ එකගතාව සැලකිල්ලට ගනිමින් යැයි ද පැවැසෙයි.

හමුදා පෙළපාළියට එක් වුණු බොහෝ දෙනා මුහුණු ආවරණ පැලඳ සිටි බව පැවැසෙයි. කෙසේ නමුත් නායක කිම් ජොන් උන් හෝ ඔහු අසල සිටි හමුදා ප්‍රධානීන් හෝ මුහුණු ආවරණ පැලඳ සිටියේ නැතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, උතුරු කොරියාවෙන් මෙතෙක් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැත. උතුරු කොරියාව, චීනය සමඟත්, දකුණු කොරියාව සමඟත් දේශසීමා මුළුමනින්ම වසා දැමීමට කටයුතු කළේය. දේශසීමා පසුකර උතුරු කොරියාවට පැමිණෙන ඕනෑම අයකුට වෙඩි තබන්නැයි නායක කිම් ජොන් උන් අණ දී තිබේ.

යොංග්යැංග්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS