උතුරු කොරියාවටත් කොරෝනා රිංගලා



‘කෝවිඞ්19’ යනුවෙන් නිල වශයෙන් නම් කළ නව කොරෝනා වයිරසය උතුරු කොරියාවට ව්‍යාප්තවී ඇති බවත්, වයිරසය මර්දනය කිරීමට උතුරු කොරියාවට අවශ්‍ය සහාය ලබා දීමට තමන් සූදානම් බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

උතුරු කොරියාව චීනයට මායිම් වන අතර, චීන ජාතිකයෝ රැසක් උතුරු කොරියාවේ සිටිති. සම්බාධක හේතුවෙන් ලොවෙන් හුදෙකලා වී ඇති බැවින් උතුරු කොරියාවේ කොරෝනා වයිරසය පැතිරීම සම්බන්ධයෙන් නිල වාර්තා මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබී නැත.

න්‍යෂ්ටික අවිහරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර යහපත් සබඳතා පවතින බව පැවැසෙයි. ජනාධිපති ට්‍රම්ප් උදව් කිරීමට ඉදිරිපත් වුවත්, එම උදව් පිළිගන්නවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් උතුරු කොරියා රජය හෝ නායක කිම් ජොන් උන් හෝ කිසිවක් පවසා නැත.

වොෂින්ටනයේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS