උතුරු කොරියාවට පැනවූ සම්බාධක ලිහිල් කරන්න



උතුරු කොරියාවට පැනවූ සම්බාධක ලිහිල් කරන්නැයි චීන ජනාධිපති ෂී ජින් පින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි චීන පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකාව උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත්තේ එරට න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කිරීමක් ලෙසය. කෙසේ නමුත් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර මේ වනවිට යහපත් සබඳතා වර්ධනය වී ඇති අතර, න්‍යෂ්ටික අවිහරණයක් සිදු කරන බවට නායක කිම් ජොන් උන් ප්‍රතිඥා දී ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS