උතුරු කොරියාවට අලුතින් සම්බාධක දාන්නේ නෑ



වියට්නාමයේ හැනොයි නුවර පැවැති සමුළුව අසාර්ථක වුවත්, උතුරු කොරියාවට නව සම්බාධක පැනැවීමක් සිදු නොකරන බවත්, උතුරු කොරියාව පොරොන්දු වූ පරිදි න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු කරනු ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

හැනොයි සමුළුව අසාර්ථක වූයේ, දැනට පනවා ඇති සම්බාධක ඉවත් කරන්නැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඇතුළු නියෝජිත කණ්ඩායම, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමෙන් කළ ඉල්ලීම ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසාය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS