උතුරු කොරියාව මිසයිල ශක්තිය පෙන්වයි



උතුරු කොරියාව, ඔවුන්ගේ හමුදාවේ මිසයිල ශක්තිය ලොවට පෙන්වමින් හමුදා පෙළපාළියක් පැවැත්වීය.

හමුදා පෙළපාළිය පැවැත්වූයේ උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරදීය.

මෙම හමුදා පෙළපාළියේ විශේෂත්වය වූයේ නව ප්‍රබල මිසයිල කීපයක් එළිදැක්වීමට උතුරු කොරියා හමුදාව කටයුතු කිරීමය.

එම නව මිසයිල න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කරමින්, සබ්මැරීන්වල සිට හඳුනාගත් ඉලක්කවලට සාර්ථකව විදිය හැකි දිගු දුර මිසයිල යැයි පැවැසෙයි.

උතුරු කොරියා රජය පවසා ඇත්තේ ඔවුන් සතුව ඇති ප්‍රබලතම මිසයිල මේවා බවය.

හමුදා පෙළපාළිය නැරැඹීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් පැමිණ සිටියේ හමුදා ප්‍රධානීන් පිරිවරා ගනිමිනි.

මිසයිලවලට අමතරව, උතුරු කොරියානු හමුදාවට අලුතින් එක් කෙරෙන යුද ටැංකි සහ මිසයිල විදින යුදෝපාකරණ රැසක් ද ප්‍රදර්ශනය කෙරුණි.

යොංග්යැංග්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS