උතුරු කොරියාව ඇමෙරිකාවට දෙහි කපයි



ඇමෙරිකාව තමන්ට හොරා දෙපිටකාට්ටු වැඩ කරනවා යැයි උතුරු කොරියාව චෝදනා කරයි.

දෙරට අතර ඇතිකරගත් හොඳ හිත පළුදු කිරීමට ඇමෙරිකාව රහස් කුමන්ත‍්‍රණයක් ආරම්භ කර ඇති බවත්, තමන්ට බොරු චෝදනා ඉදිරිපත් කරන බවත් උතුරු කොරියාව වැඩි දුරටත් කියා සිටී.

උතුරු කොරියාව මෙසේ ඇමෙරිකාවට චෝදනා නගන්න වූයේ, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕගේ උතුරු කොරියා ගමන නවත්වන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඔහුට උපදෙස් ලබා දීමේ සිදුවීම මුල්කොට ගනිමිනි.
උතුරු කොරියාව පොරොන්දු වූ පරිදි ඔවුන්ගේ න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු නොකරන බවට ට‍්‍රම්ප් චෝදනා  කර ඇත. රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕට උතුරු කොරියා ගමන අවලංගු කරන්නැයි ට‍්‍රම්ප් උපදෙස් දී ඇත්තේ එහෙයිනි.

පසුගිය ජූනි 12 වැනිදා ඇමෙරිකා ජනාධිපති ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ ඓතිහාසික හමුව සිංගප්පූරුවේදී පැවැත්විණි.  එහිදී දෙරට අතර පැවැති එදිරිවාදිකම් සමතයකට පත් වුණු අතර, උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන නවත්වන බවටත්, න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ බලාගාර සහ පර්යේෂණාගාර විනාශ කරන බවටත් පොරොන්දුවක් ලබා දුන්නේය.

රොයිටර්


RECOMMEND POSTS