උතුරු - දකුණු කොරියා සමුළුවක් රුසියාවේ



උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සහභාගීකරවා ගෙන ‘කොරියා සමුළුවක්’ රුසියාවේ පැවැත්වීමට කටයුතු කරන බව රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි.

දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් පසුගියදා රුසියාවේ මොස්කව් නුවර සංචාරයක නියැලුණේය.

එහිදී මූන් ජේ ඉන් හමුවී සාකච්ඡා පවත්වා, ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු, උතුරු කොරියාව සහ දකුණු කොරියාව හවුල් කර ගනිමින්, ආර්ථික සමුළුවක් පැවැත්වීමට තමන් කැමැති බව රුසියානු ජනාධිපති පුටින් පැවැසීය. දකුණු කොරියා ජනපතිවරයාගේ කැමැත්ත ඊට හිමිවිය.

ජනාධිපති පුටින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට රුසියාවට පැමිණෙන ලෙස ඇරැයුම් ඇත්තේ, උතුරු කොරියා නායක කිම් ජොන් උන් න්‍යෂ්ටික අවිහරණයටත්, සාමයටත් කැමැත්ත පළ කර ඇති නිසාය.

(රොයිටර්)


RECOMMEND POSTS