උතුරත් දකුණත් එක්වෙලා ක්‍රීඩාවේ



සීත ඔලිම්පික් ක්‍රීඩා උලෙළ වෙනුවෙන් කාන්තා අයිස් හොකී සුහඳ තරඟයක් පැවැත්වුණු අතර උතුරු කොරියාවත්, දකුණු කොරියාවත් එක් වී, එක කණ්ඩායමක් ලෙස ඊට ඉදිරිපත් විය.

උතුරු සහ දකුණු කොරියාව තරගයට එක් වුණේ ‘කොරියාව’ යන නමනි. ඔවුන් තරග වැදුණේ ස්වීඩන කාන්තා අයිස් හොකී කණ්ඩායමට එරෙහිවය. තරගය අවසන් වූයේ 3-1 ක් වශයෙන් කොරියානු කණ්ඩායම පරාජය වෙමිනි.

සීත ඔලිම්පික් උලෙළ ලබන සිකුරාදා දකුණු කොරියාවේ පියොන්චැංහිදී ආරම්භ වෙයි. ක්‍රීඩා ඉසවු රැසක් පැවැත්වීමට නියමිත අතර, උතුරු සහ දකුණු කොරියාව ඊට සහභාගී වෙන්නේ එක් කණ්ඩායමක් ලෙස වීම සුවිශේෂත්වයකි.

(රොයිටර්)


RECOMMEND POSTS