උණ වයිරසයට නයිජීරියා 70 ක් බිලි



බටහිර අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවේ පැතිරෙන ‘ලස්සා’ නමැති උණ වයිරසය හේතුවෙන් සිදුවුණු මරණ සංඛ්‍යාව  70 දක්වා ඉහළ ගොස් ඇත. වයිරස ආසාදිතයන් ගණන 1,708 ක් බව නයිජීරියා සෞඛ්‍ය බලධාරීහු කියති.

වයිරසය මීයන් වැනි සතුන් හරහා මනුෂ්‍යයන්ට ආසාදය වන බව පැවැසෙයි. ඔන්ඩෝ, ඩෙල්ටා සහ කඩූනා යන පළාත්වල වයිරසය පැතිර යමින් පවතින බව ද සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් පවසා ඇත.

වයිරසය අප්‍රිකා රටවල බහුලය. සාමාන්‍යයෙන් වසරකට වයිරසය ආසාදනය වන සංඛ්‍යාව ලක්ෂ 3 ක් පමණ වෙයි. වයිරසය හේතුවෙන් මියයන ගණන 5,000 ක් පමණ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

අබූජාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS