ඉවන්කා ඉන්දියාවට



ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දියණිය මෙන්ම ඔහුගේ උපදේශිකාවක ලෙස ද කටයුතු කරන ඉවන්කා ට්‍රම්ප් ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර බලා පැමිණියාය. ඒ, ගෝලීය ව්‍යවාසකත්ව සමුළුවට සහභාගීවීමටය.

ජගත් සමුළුවක් වන මෙය ඉන්දියාව සහ ඇමෙරිකාව එක් වී, සංවිධානය කරන අතර මෙවර සමුළුව පැවැත්වෙන්නේ ඉන්දියාවේය.

වාර්ෂිකව පැවැත්වෙන සමුළුව ඉන්දියාවේ පැවැත්වෙන් පළමු වරටය. සමුළුව මෙහෙයවනු ලබන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසිනි.
ඇමෙරිකා ජනපති ට්‍රම්ප් නියෝජනය කරමින්, ඉවන්කා තනිවම වැදගත් ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වන පළමු අවස්ථාව මෙය වෙයි. කෙසේ නමුත් ඇය ඉන්දියාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය නොවන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

දරු දෙදෙනකුගේ මවක වන ඉවන්කාගේ සැමියා ජෙරාඞ් කුෂ්නර්ය. ජෙරාඞ් ද ට්‍රම්ප්ගේ උපදේහකවරයකු ලෙස කටයුතු කරයි. ඉවන්කා හෝ ජෙරාඞ් හෝ ඒ වෙනුවෙන් වැටුපක් ලබා ගන්නේ නැත.

තෙදිනක් පුරා පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වී ඇත්තේ ‘කාන්තාවන්ට මුල්තැන’ යනුවෙනි. හයිද්‍රාබාද් පැමිණි ඉවන්කා උණුසුම් ලෙස පිළිගැනීමට ඉන්දීය බලධාරීහු කටයුතු කළහ. ඉන්දියාවේ සිටින ඇමෙරිකානුවෝ රැසක් ද ඉවන්කා පිළිගැනීමට පැමිණ සිටියහ.

 (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS