ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පිපිරේ



ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනේ සිනාබොන්ග් යමහල සක්‍රීය වී, පුපුරා යෑමත් දුම් වලා දසත නිකුත් වීමත් හේතුවෙන්, දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ.

ඉන්දුනීසියානු යමහල් විද්‍යාඥයන් කියා සිටියේ සිනාබොන්ග් යමහල ආශ්‍රිතව සිදුවුණු ප්‍රබලතම පිපිරීම මෙය කියාය.

යමහලෙන් නිකුත් වුණු විස දුම් වලා කිලෝ මීටර් 4.2 ක දුරක් පැතිර ගොස් ඇතැයි ද පැවැසෙයි.

විස දුමාරය හේතුවෙන් කිසිවකුටවත් අනතුරක් සිදුවී නැතැයි ද පැවැසෙයි.

ගුවන් යානා කිහිපයක් වෙනත් ගුවන්තොටුපොළවලට හරවා යැවීමට ගුවන් ගමන් පාලන අධිකාරිය කටයුතු කළ බව ද වාර්තා වේ.

ගතවුණු පැය 24 ක කාලයේ සිනාබොන්ග් යමහලේ පිපිරීම් 27 ක් වාර්තා වුණැයි යමහල් විද්‍යාඥයෝ කියති. යමහලෙන් නිකුත් වුණු ලාවා පහළ පිහිටි ලැබෝටස් නමැති ගංගාවට ගලා යමින් ඇතැයි ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS