ඉන්දීය සෙබළුන්ට පහර දුන්නේ චීන සටන් ශිල්පියෝ



පසුගිය ජූනි 15 වැනිදා ඉන්දු චීන දේශසීමාවේ සිදුවුණු ගුටි බැට හුවමාරුවේ දී ඉන්දීය සෙබළුන්ට මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කළේ චීන හමුදාවට එක් වී සිටි ආත්මාරක්ෂක සටන් ශිල්පීන් කණ්ඩායමක් බව පැවැසෙයි.

මෙම කණ්ඩායම සහ තවත් කඳු නැගීමේ ශූරයන් කණ්ඩායමක් ද පසුගිය 15 වැනිදා ටිබෙටයේ ලාෂා නුවර හරහා ඉන්දු චීන දේශසීමාවේ චීන හමුදු කඳවුරට පැමිණි බව මේ වනවිට අනාවරණය වී තිබේ.

පසුගිය 15 වැනිදා චීන සොල්දාදුවන් කළ පහරදීමෙන් ඉන්දීය සොල්දාදුවෝ 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 76 කි. චීන සොල්දාදුවන් ඉන්දීය සොල්දාදුවන්ට පහර දී ඇත්තේ අතින් පයින් සහ යකඩ ඇණ සවි කරමින් සකසා ගත් මුගුරුවලිනි.

(රොයිටර්)


RECOMMEND POSTS