ඉන්දීය සංචාරයට මෙලානියත් සූදානම්



ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ තමන් ද ඉන්දීය සංචාරයට යෑමට සූදානම් බවත්, ඉන්දියාවට යෑමට අවස්ථාව උදාවීම සම්බන්ධයෙන් තමන් අතිශය සතුටට පත් වී සිටින බවත් ජනපති ආර්යාව මෙලානියා පවසා ඇත.

ජනපති ආර්යාව මෙසේ ප්‍රකාශ කළේ, එලැබෙන එම ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇගෙන් අදහස් විමසූ අවස්ථාවේදීය. ඉන්දීය සංචාරයක් සඳහා ජනපති ට්‍රම්ප්ට සහ තමන්ට ඇරැයුම් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ස්තුති කිරීමට ද මෙලිනියා එම අවස්ථාවේදී අමතක නොකළාය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS