ඉන්දීය සංචාරයකට ට්‍රම්ප් සැරැසෙයි



ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දෙදින නිලසංචාරයක් සඳහා ඉන්දියාව බලා පැමිණීමට නියමිතය.

මේ බව ධවල මන්දිරය නිවේදනය කළේ ඊයේ (11) ය. ඇමෙරිකන් ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණෙන්නේ 24 සහ 25 දෙදින යැයි ද පැවැසෙයි.

ඇමෙරිකාව සහ ඉන්දියාව අතර ක්‍රමෝපායික වශයෙන් සහයෝගීතා වර්ධනය කර ගැනීමට ජනාධිපති ට්‍රම්ප් අපේක්ෂා කරනු ඇතැයි ද ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වී ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS