ඉන්දීය ජනපතිගේ ඉල්ලීම පාකිස්තානය ප්‍රතික්ෂේප කරයි



පාකිස්තාන ගුවන් සීමාව භාවිතා කිරීමට අවසර දෙන්නැයි ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් පාකිස්තාන රජයෙන් ඉල්ලීමක් කර අතර, පාකිස්තාන රජය එම ඉල්ලීම එක පයින් ප්‍රතික්ෂේප කළේය.

ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් අයිස්ලන්තය බලා යෑමට නියමිතය. පාකිස්තාන ගුවන් සීමාව හරහා ගමන් කළොත් එය කෙටි දුරකි. ‘ඉන්දීය ජනාධිපතිවරයා අයිස්ලන්තයට යෑමට අපේ ගුවන් සීමාව භාවිතා කරන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා. අප එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඉන්දීය ජනාධිපතිවරයාට අපේ ගුවන් සීමාව භාවිතා කරන්න අප අවසර දෙන්නේ නැහැ’ යැයි ඉන්දීය විදේශ ඇමැති ෂා මොහොමද් කුරේෂි ප්‍රකාශයක් කරමින් පවසා ඇත.

ඉන්දීය ජනාධිපතිවරයාගේ ඉල්ලීම පාකිස්තාන රජය ප්‍රතික්ෂේප කළේ, ඉන්දු කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව ගෙන ඇති ක්‍රියා මාර්ග හේතුවෙනි. ඉන්දීය පාලනයට නතු කාශ්මීර ප්‍රදේශය වන්නේ ජම්මු, කාශ්මීර් සහ ලඩාක් යන පළාත්ය. ජම්මු සහ කාශ්මීර යන පළාත්වල වෙසෙන බහුතරයක් මුස්ලිම්ය.

ඉන්දීය ජනපති රාම් නාත් කෝවින්ද් සිය බලතල භාවිතයට ගනිමින් ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අහෝසි කළේ ඉකුත් අගෝස්තුවේය. එම වගන්තිය යටතේ ඉන්දු කාශ්මීර වැසියන්ට සුවිශේෂී බලතල හිමිවුණු අතර මේ වනවිට එම බලතල අහිමි වී ගොසිනි.

ඉන්දීය රජයට එරෙහිව විරෝධතා දක්වන ඉන්දු කාශ්මීර වැසියන්,දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් ඉන්දීය මධ්‍යම රජය විසින් මර්දනයට ලක් කරනු ලබන බව ද පැවැසෙයි.

කාශ්මීර අර්බුදය මුල්කොට ගනිමින් තම ගුවන් සීමාව ඉන්දියාවට තහනම් කිරීමට පාකිස්තාන රජය තීරණය කර ඇත. ඉන්දියාව ඇෆ්ගනිස්තානය සමඟ වෙළෙඳ ගනුදෙනු සිදු කරන්නේ පාකිස්තානය හරහාය. එම වෙළෙඳ ගනුදෙනු නැවැත්වීමට ද පාකිස්තාන රජය පියවර ගෙන ඇත.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS