ඉන්දීය එන්නත් ගැන බ්‍රසීලයේ උනන්දුවක්



ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් මීලදී ගැනීම සම්බන්ධයෙන් බ්‍රසීලය උනන්දුවක් දක්වයි.

බ්‍රසීල රජය පවසා ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදනය වන ‘ඇස්ට්‍රාසෙනකා’ එන්නත සහ ‘භාරත්බයෝටෙක්’ එන්නත් මෙම ජනවාරි මස මැද සිට ඇණවුම් කරන බවය.

‘ඇස්ට්‍රාසෙනකා’ යනු ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් නිපදවා ඇති එන්නතය. එන්නත වැඩි දියුණු කරමින් විකිණීම සිදු කරන්නේ ‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ සමාගමය.

ඉන්දියාවේ ‘සේරම’ ඖෂධ නිෂ්පාදන සමාගම, ‘ඇස්ට්‍රාසෙනකා’ එන්නත ඉන්දියාව තුළ නිපදවයි. ඒ, ‘කොවිෂීල්ඞ්’ යන නමිනි. ඉන්දියාව හරහා ‘කොවිෂීල්ඞ්’ එන්නත ලබා ගැනීමට, ‘ඇස්ට්‍රාසෙනකා’ හරහා කෙළින්ම එන්නත ලබා ගැනීමට වඩා මිල අඩු බව පැවැසෙයි.

ඉන්දියාව මේ වනවිට ‘කොවිෂීල්ඞ්’ එන්නත දකුණු ආසියානු සෙසු රටවල් සඳහා ද නිපදවමින් සිටින බව වාර්තා වේ. දකුණු ආසියානු රටවල් රැසක් ඉන්දියාවෙන් ‘කොවිෂීල්ඞ්’ එන්නත මිලදී ගැනීමට කැමැත්ත පළ කර තිබේ.

බ්‍රසීලියාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS