ඉන්දියාවේ පුංචි ඡන්දෙන් මෝදිගේ පක්ෂය ඉදිරියට



ඉන්දියාවේ ගෝව, මනිපූර්, උත්තරකාන්ද්, උත්තර ප්‍රදේශ් සහ පන්ජාබ් යන ප්‍රාන්තවල පැවැති ප්‍රාන්ත සභා මැතිවරණවලින් ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අද (11) සිදුවුණු අතර ගෝව, මනිපූර්, උත්තරකාන්ද්, උත්තර ප්‍රදේශ් යන ප්‍රාන්ත හතරේ බලය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සහ ඊට සහාය දක්වන පක්ෂවලට හිමිවිය.

පන්ජාබ් ප්‍රාන්තයේ බලය දිගටම රඳවා ගැනීමට රාහුල් ගාන්ධි විසින් මෙහෙයවනු ලැබූ කොංග්‍රස් පක්ෂයට හැකිවිය.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ලැපූ ජය ඓතිහාසික එකක් විය.

ආසන 403 කින් සමන්විත උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මෝදිගේ භාරතීය ජනතා පක්ෂය දිනූ ආසන සංඛ්‍යාව 320 කි. 2014 වසරේ ජාතික මට්ටමින් ලැබූ ජයග්‍රහණයෙන් පසු භාරතීය ජනතා පක්ෂය යළි විශිෂ්ඨ ජයක් වාර්තා කළ පළමු අවස්ථායව මෙය යැයි ඉන්දීය පුවත් සේවා පෙන්වා දුන්නේය.

එන්.ඩී.ටීවී.


RECOMMEND POSTS