ඉන්දියාවේ ප්‍රාන්ත අටක පුංචි ඡන්ද



දිල්ලි, ඇසෑමය, හිමාචල්, මධ්‍ය ප්‍රදේශ්, බටහිර බෙංගාලය, රාජස්ථාන්, කර්ණාඨක සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල අතුරු මැතිවරණ ආරම්භ විය.

ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ පිරිස් උදෑසනින්ම ඡන්ද පොළ වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්ද පොළ කිහිපයකින් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වුණු බවත් පස් දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත් ඉන්දීය මැතිවරණ බලධාරීහු කියා සිටියහ.

මීට අමතරව ලබන අප්‍රේල් 12 වැනිදා ද ඉන්දියාවේ තවත් ප්‍රාන්ත තුනක අතුරු මැතිවරණ පැවැත්වීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ. අතුරු මැතිවරණ ප්‍රතිඵල ලබන 13 සහ 15 යන දිනයන්හි ප්‍රකාශයට පත් කරන බව ඉන්දීය මැතිවරණ බලධාරීහු පෙන්වා දෙති.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS