ඉන්දියාවේ කොරෝනා මරණ 20,000 පනී



ඉන්දියාවේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස මරණ ඊයේ (7) 20,000 පසු කළේය.

ගතවුණු පැය 24 ඇතුළත කොරෝනා මරණ 467 ක් වාර්තා වූ බවත් ඒ සමඟ සමස්ත මරණ ගණන 20,160 දක්වා ඉහළ ගිය බවත් නව ආසාදිතයන් 22,252 ක් හමුවුණු බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බැට කන රටවල් අතර මේ වනවිට තෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවය. ඉන්දියාවට ඉහළින් ඇත්තේ බ්‍රසීලට සහ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

මේ අතර ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වාතයෙන් පැතිරීමේ බියක් ඇතැයි ලොව පුරා විද්‍යාඥයෝ 200 කට වැඩි පිරිසක් පවසා ඇත.

වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ ආසාදිතයන්ගේ සොටු සහ කෙළ බිඳිති ඔස්සේ වාතයට මිශ්‍රවන වයිරස විෂබීජ දිගු කාලයක් වාතයේ රැඳී පැවැතීම සහ මීටරයකට වඩා වැඩි දුරක් ගමන් කිරීම යැයි ද එම විද්‍යාඥයෝ පහදා දෙති.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS