ඉන්දියාවට ප්‍රංශයෙන් ඔක්සිජන්



'කොවිඩ් 19' ආසාදිතයන් දිනපතා ලක්ෂ තුන ඉක්මවන ඉන්දියාවේ රෝහල්වල පවතින ඔක්සිජන් හිඟයට පිළියමක් ලෙස තමන් ඉන්දියාවට ඔක්සිජන් සැපයීම ආරම්භ කළ බව ප්‍රංශය කියයි.

ඉන්දියාවට ඔක්සිජන් සැපැයීහ සිදු කරන්නේ ප්‍රංශයේ 'එයාර් ලික්විදේ' සමාගමය. මෙය ලොව විශාලතම ඔක්සිජන් නිපැයුම් සමාගමකි.

ඉන්දීය රෝහල්වල කොරෝනා ආසාදිතයන් ඔක්සිජන් නොමැතිව මියයෑම සැලකිල්ලට ගනිමින්, තම සමාගමේ ඔක්සිජන් නිෂ්පාදනය මේ වනවිට වැඩිකර ඇති බව ද 'එයාර් ලික්විදේ' ප්‍රධානී ෆ්‍රන්සුවා ජැකෝව් පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS