ඉන්දියාව සහ යුරෝපා සංගමය එක්වෙයි



ඉන්දියාව සහ යුරෝපා සංගමය එක්ව කලාපයේ ත්‍රස්තවාදය මැඩලීම සඳහා සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට තීරණය කර තිබේ.

පසුගියදා පැවති “ඉන්දියානු - යුරෝපා සංගම් ප්‍රති ත්‍රස්තවාදය පිළිබඳ සංවාදය“ යන මැයෙන් පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී කලාපීය ත්‍රස්තවාදී ක්‍රියා සඳහා මුදල් සංසරණය වීම වැළැක්වීම කෙරෙහි ද අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙහිදී පාකිස්ථාන හා ඇෆ්ගනිස්ථාන දේශ සීමා සම්බන්ධයෙන් විශේෂයෙන් සලකා බැලීමට නියමිත අතර ත්‍රස්ථ සංවිධාන විසින් එල්ල කර ඇති තර්ජන සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක්  යොමු වී ඇති බව සඳහන් වෙයි.

( තිළිණි ද සිල්වා)

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS